මෙත් සවිය පසුගිය වැඩසටහන්

2013 මෙත්සවිය ඉටු කල දේ

2013

 
  • 2013 ඔක්තොම්බර් 06 මාසික පළමු ඉරු දින ධර්ම දේශනය පූජ්‍යපාද කොරතොට වෙස්සභු හිමිපාණන්වහන්සේ විසින්  බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2013 සැප්තැම්බර් 01 -මාසික පලමු ඉරු දින ධර්ම දේශනය, පුජ්‍ය හොන්නන්තර දමිත හිමිපාණන් විසින්, කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේ දී  පැවැත්විණි.

  • 2013 අගෝස්තු 04 මාසික පලමු ඉරු දින දේශනය කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය රනිල් සුගතදාස මහත්මයා විසින් කෘතඥතාව හා කලගුණ සැලකීම මාතෘකාව යටතේ බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 සිට පැවැත්වීය.

  • 2013 අගෝස්තු 18 ඉරු දින 27වන චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන ආරම්භ විය.

  • 2013 ජූලි 07 ඉරු දින -ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩ සටහන කලපළුවාව අරණ්‍ය සේනාසනයේදී පැවැත්විණි.  

  • 2013 මැයි 26 - පෙරවරු 08:00 සිට පස්වරු 2:00 දක්වා මෙත්සවිය විසින් දසවන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්ත, වෛද්‍ය සායනය හා නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්නාඩි  ලබා දීම ඉටු කෙරුණි.

  • 2013 මැයි 19 දස සංවත්සර උත්සවය,  වාර්ෂික මහා සමුළුව, 10 වන සංවත්සරය සහ මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය හැව්ලොක් පාර, තුන් මුල්ල මංසන්දියේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මතිතුමා සහ පුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු ගිහි පැවිදි ආරාධිත අමුත්තන්ගෙන් සමන්විතව ප. ව. 1:00 සිට ප. ව. 6:00 දක්වා පැවැත්වීය.

    මෙවර මෛත්‍රී භූෂණ උපහාර සම්මානයෙන්  පිදුම් ලද්දේ අති පූජ්‍ය අතිපූජ්‍ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමිපාණන් (මෛත්‍රී භූෂණ ශාසන මාමක) සහ හෘද රෝග විශේෂඥ  වෛද්‍ය ඩී. පී. අතුකෝරල මැතිඳුන් (මෛත්‍රී භූෂණ ශාසන මාමක) සහ මැලිබන් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිමැතිඳුන් (මෛත්‍රී භූෂණ අහිංසා සාධක) ය.
    මෙදින පළමුවන කණ්ඩායමේ සාමාජිකත්වය දිගටම පවත්වාගත් සාමාජිකයින් සහ විධායක කමිටුව අගැයීම, මෙත්සවිය දසවන සංවත්සර සමරු කළඹ එලි දැක්වීම, ලාමාවරයකු ගෙන්වා විශේෂ ධර්ම දේශනයක් පැවැත්වීම, නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීම ඉටු කෙරුණි.

  • 2013 මැයි 12 සුපුරුදු පරිදි මෙත්සවිය චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන වැල්ලවත්ත විජයාරාමයේදී පැවැත්වීය.

  • 2013 මැයි 05 මාසික පලමු ඉරු දින වැඩ සටහන වැල්ලවත්ත විජයාරාමයේදී පැවැත්වීය.

  • 2013 අප්‍රේල් 14,  2013 අප්‍රේල් 21,  2013 අප්‍රේල් 28  දිනයන්හි මෙත්සවිය චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන් නොපැවැත්විණි.

  • 2013 අප්‍රේල් 07   මාසික පලමු ඉරු දින දේශනය කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේදී ප.ව. 2.00 ට මහාචාර්ය සුමනදාස ගල්මංගොඩ මහත්මයාගේ සහභාගිත්වයෙන්  පැවැත්විණි.

  • 2013 මාර්තු 03 ඉරු දින - සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව. ප.ව. 1:00 සිට ප.ව. 5:00 දක්වා කොළඹ 07 මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ දී  මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැත්විය.

  • 2013 පෙබරවාරි 03 -මාසික පලමු ඉරු දින දේශනය බුදු දහම හා ආහාර යන මාතෘකාව යටතේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේදී පැවැත්විණි.
    ධර්ම දේශනය මහරගම ධර්මායතනවාසී පුජ්‍ය උඩුදුම්බර ලංකානන්ද හිමිපාණන් විසින් ද, විද්වත් දේශනය රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන මහත්මයා විසින් ද පැවැත්විණි.

  • 2013 ජනවාරි 26, 27 -සදහම් චාරිකාව සහ දාන සීල භාවනා වැඩ සටහන සහ මහියංගනය බුදුපිළිමයේ අත්තිවාරමේ සිට නෙලීම සුබ මොහොතින් ඇරඹුම පැවැත්විණි.

  • 2013 ජනවාරි 06 -මාසික පලමු ඉරු දින ධර්ම දේශනය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය මඩිහේ සුගත සිරි හිමි පාණන් විසින්, කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේදී  පැවැත්විණි.

  • 2013 ජනවාරි 01 - වාර්ෂිකව පවත්වන වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය -කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වීම  කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණි.

  • 2013 ජනවාරි 01 - පෙ.ව. 11.00 ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ බෞද්ධ සම්මේලනය අසල, ජයන්ති ළමා නිවාසයේ ළමයින්ට දහවල් ආහාරය සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සැපයීම මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

2012 මෙත්සවිය ඉටු කල දේ

2012

 
  • 2012 ජනවාරි 01 - වාර්ෂිකව පවත්වන වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය -කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වීම  කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණි.

  • 2012 ජනවාරි 01 - පෙ.ව. 11.00 ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ බෞද්ධ සම්මේලනය අසල, ජයන්ති ළමා නිවාසයේ ළමයින්ට දහවල් ආහාරය සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සැපයීම මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

  • 2012 ජනවාරි 01 මාසික පලමු ඉරු දින ධර්ම දේශනය,  කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2012 ජනවාරි 08 දුරුතු පොහොය දින පෙ .ව. 9.00 මහියංගන පින්බිමෙහි මෙත්සවිය තනවන  අඩි 84 ක් උස බුදු පිළිමය සඳහා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහියංගන රාජමහා විහාරාධිකාරි පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් ගේ අනුශාසකත්වයෙන්  මුල් පස් පිඬ කපා ආකෘතියක් පිහිටු වන ලදී. 
    මෙදින 2600 සම්මා සම්බුද්ධත්ව ජයන්තිය සමරනුවස් මෙත්සවිය සාමාජිකයන්ගේ රු. ලක්ෂ 4කට වැඩි ධන පරිත්‍යාගයෙන් 2011 අවසානයේ   නිමකර බැතිමතුන්ගේ පාවිච්චියට ගත් එකවර ලක්ෂයකට පමණ පිරිසිදු පානීය ජලය සැපයිය හැකි ජල පිරිපහදු පද්ධතියක් යොදා මහවැලි ගඟෙන් ගන්නා ජලය පෙරන නවීන ජලසැපයුම් පද්ධතිය මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන ලදී.

  • 2012 පෙබරවාරි 5 ඉරු දින කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී වාර්ෂික මහා සභා රැස්වීම පවත්වා, 2011 අය වැය ඉදිරිපත් කිරීම හා නිලධාරි මණ්ඩලය පත්කර ගන්නා ලදී.

  • 2012 පෙබරවාරි 5 .ව. 3.00 ට මාසික පලමු ඉරු දින දේශනය කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේෂී බෞද්ධ ආශ්‍රමයේදී
    ටිබෙට් දේශය ගවේශණය කොට මිහිඳු ගිරෙන් හිමගිරට ග්‍රන්ථය සැකසූ පුජ්‍ය පණ්ඩිත මිස්සක කමලසිරි හිමි විසින් තිබ්බතයේ බුදු දහම  මාතෘකාව යටතේ දේශනයක්  පැවැත්විණි .

  • 2012 මාර්තු 4 ඉරු දින සාර්ථක ඉගෙනීම හා විභාග සමත් වීමේ නවීන ක්‍රමවේද වැඩමුළුව . ප.ව. 1:00 සිට ප .ව. 5:00 දක්වා කොළඹ 07 නෙලුම් පොකුණ මාවත (කලින් ආනන්ද කුමාරස්වාමි මාවත ) පැවැත්විණි .

  • 2012 අප්‍රේල් 01 ඉරු දින -ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩ සටහන ගම්පහ පිළිකුත්තුව ගල්ලෙන් අරණ්‍යයේදී පැවැත්විණි.  
    පිළිකුත්තුව රාජ මහා විහාරයේ දහම් පාසල නැවත ආරම්භ කිරීමට අවශ්‍යව තිබූ මේස සහ බංකු යුගල් 10ක්  මෙත්සවිය සාමාජිකත්වයේ දායකත්වයෙන් පූජාකරන ලදී.

  • 2012  මැයි 5 ~ මැයි 8 මෙත්සවිය වෙසක් වැඩසටහන පැවැත්විණි .
    2600 සම්බුද්ධත්ව ජයන්ති වසර නිමාව සැමරුමට ප්‍රාණඝාතය වළකමු VCD තැටි 2600 ක් පන්සල් පුණ්‍ය ආයතන, දහම් පාසල් සහ පාසල් බෞද්ධ සංගම් සමාජ සේවා සංගම් සදහා නොමිලයේ ලබාදීම සිදු කෙරුණි.
    රාත්‍රී කාලයෙහි කොළඹ බෞද්ධාලෝක මාවතේ වෙසක් උදාන වැඩසටහන අතර ඇති මෙත්සවිය ප්‍රදර්ශන කුටියෙන් බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකා ගමනය සිහිකරනු පිණිස ඓතිහාසික මහියංගන රාජමහා විහාරයට අයත් පුදබිමෙහි මෙත්සවිය මගින් මහජන සහභාගිත්වයද සහිතව ඉදිකරනු ලබන අඩි 84 ක උසින් යුතු 2600 සම්බුද්ධත්ව ජයන්ති බුද්ධ ප්‍රතිමාවහන්සේගේ අනුරුවක්  මෙහිදී ප්‍රදර්ශනය සිදු කෙරුණි.

  • 2012 ජූනි  03 ඉරු දින ප .ව. 01:00 ට මාසික පළමු ඉරුදින දේශනය කොළඹ 07, බෞද්ධාලොක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි . ආචාර්ය දයා රෝහණ අතුකෝරල මහත්මයා  ජීවිතය ජයගන්න මාතෘකාව යටතේ දේශනය පැවැත්විණි.

  • 2012 ජූලි 01- මාසික පළමු ඉරුදින ධර්ම දේශනය  පුජ්‍ය ගලිගමුවේ ඤාණානන්ද හිමිපාණන් ප.ව. 01:00 ට කොළඹ 07, බෞද්ධාලොක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි .

  • 2012 අගෝස්තු  05 ඉරු දින ප .ව. 02:00 ට මාසික පළමු ඉරුදින ධර්ම දේශනය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි .

  • 2012 සැප්තැම්බර් 02 -ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩ සටහන අම්බලන්ගොඩ ගල්දූව සේනාසනයේදී පැවැත්වීය.
    මෙම අරණ්‍ය සේනාසනයේ අවශ්‍යතාවක්ව තිබූ සංඝාවාසය ටයිල් (පිඟන් ගඩොල්) ඇල්ලීමට මෙත්සවිය උප සභාපති සරත් ඉලංගන්තිලක සහ සාමාජිකා අසේලා කුලුප්පු ආරච්චි යුවල පිඟන් ගඩොල් සැපයූ අතර  ඒවා ඇතිරීමට යන වියදමට මෙත්සවිය සාමාජිකත්වරුපියල් 65,000 දායක විය.

  • 2012 සැප්තැම්බර් 08 - බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍ය ව තිබූ ද්‍රව්‍ය සහ භාණ්ඩ සපයා එහි ගෙන ගොස් බාර දුනි.  ඒ සඳහා සාමාජික-සාමාජිකාවන්  මුදලින් හා භාණ්ඩවලින් ආධාර කරන ලදී.     

  • 2012 සැප්තැම්බර් 30 - 25 වන චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන ආරම්භ විය.

  • 2012 ඔක්තෝබර් 07 - මාසික පළමු ඉරුදින වැඩසටහන - ප.ව. 01:00 සිට 04:00  දක්වා  කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ඉතා කලාතුරකින් ශ්‍රවණය කිරීමට ලැබෙන ආර්ය ධර්ම සූත්‍ර දේශනාව පවත්වනු ලැබූයේ  අති පූජනීය අම්බලන්ගොඩ ආරියසිරි හිමිපාණන් විසිනි.

  • 2012 ඔක්තෝබර් 28 - අධිමානසික විද්‍යා හා පංච අභිඥා වැඩමුලුව ආරම්භවිය.

  • 2012 නොවැම්බර් 04 - ඉරු දින මාසික දම් දෙසුම කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පවත්වනු ලැබූයේ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවන්හි ප්‍රකට ධර්ම කථික කඳුබොඩ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිකාරී කම්මට්ඨානාචාර්ය ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය අති පූජනීය දියසෙන්පුර විමල හිමිපාණන් වහන්සේ විසිනි.

  • 2012 දෙසැම්බර් 02 - ඉරු දින මාසික දම් දෙසුම කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ධම්මගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්වූයේ ගම්පල, ගැමුණුපුර, සම්බුද්ධ ජයන්ති විහාරවාසී, ප්‍රසිද්ධ ධර්මකථික, පූජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවේශී හිමිපාණන් විසිනි. 2013 මෙත් සවිය දින දර්ශනය සාමාජිකයින්ට මෙදින ලබා දුනි.

2011 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා මෙත් සවිය වැඩසටහන්

2011

  • 2011 ජනවාරි 01 - වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය -කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා ඉන් අනතුරුව මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වීම කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණි.

  • 2011 ජනවාරි 02 වන ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව ප.ව. 1.00 සිට කොළඹ 07, බෞද්ධ ආශ්‍රමයේදී මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ කෑගලු දිසා අනුශාසක කර්මවාගාචාර්ය සල්ගල ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය හැඳල දමිත හිමිපාණන් විසින් පැවැත්විය.

    2011 මෙත් සවිය දින දර්ශනය මෙදින ලබා දුනි.

  • 2011 පෙබරවාරි 06 වන ඉරු දින - මෙත් සවිය හයවන මහා සමුළුව සමුළුව සහ මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය 1.00 සිට කොළඹ 07, බෞද්ධාලෝක මාවත, ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විය.
    මෙවර මෛත්‍රී භූෂණ උපහාර සම්මානයෙන්  පිදුම් ලද්දේ පූජ්‍ය පාද විශ්වකීර්ති සිසිලචන්ද්‍ර මෛත්‍රීය හිමිපාණන් වහන්සේ සහ දේශමාන්‍ය, කත්‍රිආරච්චිගේ දොන් නිහාල් විජේරත්න මහත්මයාය.
    මුලසුන හෙබවීම ශ්‍රී ධර්ම රක්ෂිත අමරපුර මහානිකායේ මහානායක ධුරන්දර රාජකීය පණ්ඩිත වැලිගම ශ්‍රී ඤානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

  • 2011 මාර්තු  06 වන ඉරු දින සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව ප.ව. 1.00 - 6.00 දක්වා ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් බොරැල්ල YMBA ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

  • 2011 අප්‍රේල් 03 වන ඉරු දින ත්‍රෛමාසික දාන සීල භාවනා වැඩසටහන රාජගිරිය කලපලුවාව ගෞතම තපෝවනයේදී පැවැත්විණි.
    මෙදින හීල් දානය, දවල් දානය හා ළමා නිවාසයට දානය මෙත් සවියෙන් පිරිනැමිණි. තපෝවනය භාවනා මධ්‍යස්ථානයේ වැඩ වසන භාවනායෝගී ස්වාමීන් වහන්සේලා 35 නමකට හා ගිහි යෝගීන්කිහිප දෙනෙකුට  භාවනා මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වන සුදුසු පිරිකර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙත් සවිය සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්  එදින පූජා කෙරුණි.
    මීට අමතරව මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු  සදහා මෙත්සවිය සාමාජිකත්වය විසින් රු. 11,350ක මුදලක් හා කාන්තා කමිටුව රු. 6000ක  මුදලක්  පූජා කරන ලදී.

  • 2011 මැයි 08 ඉරු දින 2600 සම්බුද්ධ ජයන්තිය එලඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් මෙත් සවිය සංවිධානය කරන ලේ දන්දීමේ පින්කම - පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැවැත්විණි.

  • 2011 ජූනි 05 ඉරු දින මාසික පලමු ඉරු දින දේශනය මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් කාල කලමනාකරණය මාතෘකාව යටතේ බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 සිට පැවැත්විණි.

  • 2011 ජූලි 03 ඉරු දින මාසික පලමු ඉරු දින දේශනය මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් සාර්ථක පවුල් දිවියකට මග  මාතෘකාව යටතේ බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 සිට පැවැත්විණි.

  • 2011 ජූලි 17 ඉරු දින 19 වන අධිමානසික විද්‍යා හා පංච අභිඥා වැඩමුලුව ආරම්භ විය.

  • 2011 ජූලි 24 ඉරු දින අංගොඩ මානසික රෝහලේ 21 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන 150 දෙනෙකුට මෙත් සවිය සාමාජිකයින් රු:150,000 ක් පමණ වියදමක් දරා සරොම් 150, මේස් බැනියම් 150, ප්ලාස්ටික් පිඟන් 150, ප්ලාස්ටික් කෝප්ප 150, පැදුරු 150, පුටු 10ක් සහ සහ අවශ්‍ය තවත් ද්‍රව්‍ය සැපයීම මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
    උප සභාපති සරත් ඉලන්ගන්තිලක මහත්මයා සහ අසේලා කුරුප්පුආරච්චි මහත්මියගේ වියදමින් 21 වාට්ටුවෙ ප්‍රයෝජනය සඳහා සෝදන බේසම් 3ක් සපයා සවිකර දෙන ලදී.

  • 2011 ජූලි 25 මෙත්සවිය ආරම්භ කල මිරිසවැටිය සලපතල මලුවේ ගල් ඇතිරීම රජය මැදිහත්වීමෙන් මුලුමනින්ම නිමකරන ලදී

  • 2011 අගෝස්තු 07 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව ප.ව. 2.00 සිට කොළඹ 07, බෞද්ධ ආශ්‍රමයේදී පූජ්‍ය පැලන්වත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් විසින් පවත්වන ලදී.

  • 2011 සැප්තැම්බර් 04 මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 ට පැවැත්විණි. 

  • 2011 ඔක්තොම්බර් 02 ඉරු දින ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩසටහන අලුත්ගම කලුවාමෝදර කාලවිල වත්තේ මුහුද මැද පිහිටි පංචකප දූපතේ ධර්මද්වීප යෝගාශ්‍රමයේදී පැවැත්විණි. 
    එදින යෝගාශ්‍රමයේ දාන සාලාවේ වහල මුලුමනින්ම අලුත් වැඩියා කිරීමට රු. 84,000ක මුදලක් මෙත්සවිය සාමාජිකත්වය විසින් පූජා කරන ලදී.

  • 2011 නොවැම්බර් 06 මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 ට තලගල අරණ්‍යවාසී  පූජ්‍ය දොඹගොල්ලේ නන්දරතන හිමිපාණන් විසින් පවත්වන ලදී. 

  • 2011 දෙසැම්බර් 04 මාසික පලමු ඉරු දින ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප.ව. 2.00 පැවැත්විණි.

2010 මෙත්සවිය ඉටු කල දේ

2010

 
  • 2010 ජනවාරි 01  - වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය -කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා ඉන් අනතුරුව මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වීම කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණි.

  • 2010 ජනවාරි 03 වන ඉරු දින -  ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩසටහන සල්ගල ආරණ්‍ය සේනාසනයේදී  පැවැත්විණි. 
    මෙදින සල්ගල සේනාසනයට අවශ්‍යව තිබූ ප්ලාස්ටික් පුටු 60ක්, මේස 3ක් සහ විහාරමන්දිරයේ වැඩ සම්පූර්ණ කරගැනීමට රු. 85,000ක ආධාරයක් මෙත් සවිය සාමාජිකත්වය ලබාදුනි.

  • 2010 පෙබරවාරි 07 වන ඉරු දින - මෙත් සවිය 5වන මහා සමුළුව සමුළුව සහ මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය 1.00 සිට කොළඹ 07, බෞද්ධාලෝක මාවත, ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විය.

    මෙවර මෛත්‍රී භූෂණ උපහාර සම්මානයෙන්  පිදුම් ලද්දේ අති පූජ්‍ය අහංගම ආනන්ද නාහිමිපාණන්ට (මෛත්‍රී භූෂණ අභය දානපති ) සහ වෛද්‍ය ඇල්බඩ සුනිල් ලියනගේ මැතිඳුන්ට (මෛත්‍රී භූෂණ අහිංසා සාධක ) යි

  • 2010 මාර්තු  07 වන ඉරු දින සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව ප.ව. 1.00 - 6.00 දක්වා ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ (YMBA) ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

  • 2010 අප්‍රේල් 03,04 නාගදීප සදහම් චාරිකාව
    මෙදින නාගදීප විහාරයේ වන්දනා කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍යව තිබූ වැසිකිලි පද්ධතියක්  රු. 400,000/= පමන වියදමින් සාදවා පුජාකල අතර, විශ්‍රාම ශාලාවට පැදුරු, කොට්ට 150ක් සහ වෙනත් දේ ද මෙත්සවිය සාමාජිකත්වය විසින් පරිත්‍යාග කරන ලදී.

  • 2010 මැයි 02 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2010 ජූනි 06 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2010 ජූලි 04 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.
    2010 අගෝස්තු 01 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2010 සැප්තැම්බර් 05 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී  පැවැත්විණි.

  • 2010 ඔක්තොම්බර් 03 ඉරු දින ත්‍රෛමාසික දාන ශීල භාවනා වැඩසටහන සිංහරාජ බෙරලිය මූකලානේ දියවැටි කන්දේ පිහිටි තපෝවන සෙනසුනේදී  පැවැත්විණි. 
    මෙම සෙනසුනේ ජල සැපයුම් පද්ධතිය අලුතින් ඉදිකිරීම සඳහා මෙත්සවිය සාමාජිකත්වය රු. 275,000/=කට අධික මුදලක් වැයකරන ලදී.

  • 2010 ඔක්තොම්බර් 17 ඉරුදින පෙ.ව.9.30 සිට ප.ව.2.30 දක්වා වැල්ලවත්ත විජයාරාමයේදී නොමිලයේ ඇස් පරික්ෂාව සහ අවශ්‍ය අය සඳහා 100 දෙනෙකුට නොමිලයේ ඇස් කණ්නාඩි තනා ලබා දුන්නෙමු

  • 2010 නොවැම්බර් 06 යාපනය/නාගදීප වන්දනාවේ යන ලක්ෂගණනක් වන බැතිමතුන්ට පැය 12 පමණ ගමන් කාලය තුල අතරමගදී අවශ්‍ය වැසිකිලි පහසුකම් නොමැති නිසා සාමජිකයන්ගේ රු.450,000/= අධික ධන පරිත්‍යාගයෙන් සහ ගොඩනැගීමේ ශ්‍රමය මුලුමුනින්ම හමුදා සෙබලුන් වැයකර තනා නිම කරන ලද වැසිකිලි 8ක් හා යූරිනල් 2ක් සහිත නව වැසිකිලි පද්ධතිය කිලිනොච්චිය ලුම්බිණි විහාරයට පූජා කරන ලදී.

  • 2010 නොවැම්බර් 06,07  යාපනය චාරිකාව -නාගදීපය, යාපනයේ දඹකොල පටුන (ශ්‍රී මහා බෝධිය ලංකාවට ගොඩබට තොටුපල), කන්දරෝඩි චෛත්‍ය සංකීර්ණය, කීරමලේ මුහුදු වෙරලේ මිරිදිය පොකුණ, නල්ලූර් කෝවිල, පතුල නැති ලිඳ, යාපනය කොටුව ආදී තැන් වල චාරිකා කලෙමු.

  • 2010 දෙසැම්බර් 05 මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 ට අති පූජ්‍ය තන්තිරිමුල්ලේ සරණ හිමිපාණන් විසින් පවත්වන ලදී. 

2009 මෙත්සවිය ඉටු කල දේ

2009

 
  • 2009 ජනවාරි 01 - වසරේ ප්‍රථම හීල් දානමය පුණ්‍ය කර්මය -කේශ ධාතූන් වහන්සේ වෙත බුද්ධ පූජාව හා ඉන් අනතුරුව මහා සංඝරත්නයට හීල් දානය පිලිගැන්වීම කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරයේදී පැවැත්විණි.

  • 2009 ජනවාරි 04  ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 ට පැවැත්විණි.

  • 2009 පෙබරවාරි 01 ඉරු දින - මෙත් සවිය 5වන මහා සමුළුව සමුළුව සහ මෛත්‍රී භූෂණ උපහාර ප්‍රදානෝත්සවය 1.00 සිට කොළඹ 07, බෞද්ධාලෝක මාවත, ධර්ම ගවේශී බෞද්ධ ආශ්‍රයේදී පැවැත්විය.
    මෙවර මෛත්‍රී භූෂණ උපහාර සම්මානයෙන්  පිදුම් ලද්දේ දෙස බස රැස හා බුදු දහම වෙනුවෙන් අසම මෙහෙවරක් කල  කලා සූරී අරිසෙන් අහුබුදු සූරීන් (මෛත්‍රී භූෂණ හෙළ වදනිසුරු ) සහ සත්වහිංසනය වැලක්වීමට අමිල මෙහෙවරක් කල අ‍යිරාංගනී ද සිල්වා මැතිණිය (මෛත්‍රී භූෂණ අහිංසා සාධනී) යි.

  • 2009 මාර්තු 01 ඉරු දින සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබඳ වැඩමුළුව ප.ව. 1.00 - 6.00 දක්වා ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ (YMBA) ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

  • 2009 අප්‍රේල් 05 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2009 මැයි 03 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2009 ජූනි 07 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2009 ජූලි 05 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2009 අගෝස්තු 02 ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පැවැත්විණි.

  • 2009 සැප්තැම්බර් 06 වන වන ඉරු දින - මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී  පැවැත්විණි.

  • 2009 සැප්තැම්බර් 19,20 සදහම් චාරිකාව- අවුකන, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, අභයගිරිය, ථූපාරාමය, මිරිසවැටිය, සමාධි පිළිමය, සහ අනෙකුත් ඓතිහාසික සිද්ධස්ථාන සහ තන්තිරිමලේ විහාරය වන්දනා මාන කරන ලදී. 
    මේ චාරිකාවේදී රුවන්වැලි සෑයේ කප් රුක් පූජාව සහ අෂ්ඨපාන පුජාවත්, ශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජාවත් කරන ලද අතර අභයගිරි සෑයේ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය හුඹස් මැටි ටොන් 1 පමණ සහ උදලු අලවංගු ආදී උපකරණ පුජාකරන ලදී. 
    තන්තිරිමලේ විහාරයේ දහම් පාසල් සිසුන් සඳහා අවශ්‍ය පොත් පත් සහ වෙනත් දේ පරිත්‍යාග කරන ලදී.

  • 2009 ඔක්තොම්බර් 01 මාසික පලමු ඉරු දින දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී පූජ්‍ය අධිකාරිගම ශාන්ත සුමන හිමිපාණන් විසින් ප.ව. 2.00 ට පැවැත්විණි.

  • 2009 නොවැම්බර් 04 මාසික පලමු ඉරු දින දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ආචාර්ය චන්දන ජයරත්න මහත්මයා විසින් ක්‍රෝධය වළක්වා ගන්නා අයුරු මාතෘකාව යටතේ ප.ව. 2.00 ට පැවැත්විණි.

  • 2009 දෙසැම්බර් 05 මාසික පලමු ඉරු දින ධර්ම දේශනය බෞද්ධාලෝක මාවතේ ධම්ම ගවේශී බෞද්ධ ආශ්‍රමයේදී ප.ව. 2.00 ට පූජ්‍ය අගලකඩ සිරිසුමනහිමිපාණන් විසින් පවත්වන ලදී.